January 29, 2020

පාස්කු ප්‍රහාරය සම්බන්ධ හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු වසන් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව රුපියල් ලක්ෂ 500 ක මුදලක් ලබා දීමට උත්සාහ කළ බවට ප්‍රංශයේ වෙසෙන තුෂාර පීරිස් නැමැත්තෙකු තමන් සමඟ හෙළිදරව්වක් කළ බව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි.

ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ඔහු සමඟ පැවැත්වූ දුරකථන සංවාදයක හඬපටයක්ද මාධ්‍යයට ඉදිරිපත් කළේය. 

"දුරකථන සංවාදය ,

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි - ඔබතුමා කැමතිනම් කියන්න.ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ  අප්‍රේල් 21 නේ.අවසාන වශයෙන් ඔයගොල්ලෝ ඒ අවසාන දවස් කීයකට වගේ පෙරද සාමාන්‍ය යෙන් පසුගිය ආණ්ඩුවට... යහපාලන ආණ්ඩුවට ඒක දැනුම් දුන්නේ?

තුෂාර පීරිස් බව කියන පුද්ගලයා - ඔව්.ඒ කියන්නේ අවසාන දවස් හතරකට කලින් මෙවැනි බෝම්බ ප්‍රහාරයක් වෙන්න තියෙනවා කියන එක.නමුත් ඒක හරියටම නිශ්චිතවම කොතන්ටද කොතනද කියන එක අපි කිව්වේ නැති වුණාට මේ වගේ 12 ක්, ඇත්ත වශයෙන්ම මේ වගේ බෝම්බ ප්‍රහාර 12 ක් සිදු වන බවට මම දැනුම් දුන්නා.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි -  ඒ දැනුම් දුන්නේ රජයේ ප්‍රබල නියෝජිතයින්ටද නැත්තම් පහළ ස්ථරයේ අයටද?

තුෂාර පීරිස් බව කියන පුද්ගලයා - පහළ ස්ථරය හරහා ප්‍රබල නියෝජිතයින්ට...

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි  - දැනුම් දුන්නා කියන්න සියලු සාක්ෂි ඔබතුලා ළඟ තියෙනවාද?

තුෂාර පීරිස් බව කියන පුද්ගලයා -  ඔව් ..ඒ සියලු සාක්ෂි , ඒ සියලු දේවල් මම ආරක්ෂා කරගෙන ඉන්නවා.ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ නිලධාරීන්ට දැන්වුවා මාස කිහිපයකට කලින්.ඔය අන්තවාදයට මහ ඉහළින් ආර්ථීක සහ පහසුකම් සැලැස්සුවේ කවුද කියලාත් අපි දන්නවා.ඒ පුද්ගලයෝ පිළිබඳ දැන්වුවාට අත්අඩංගුවට ගත්තේ නෑ.හැබැයි පොලිස් ආරක්ෂාව යටතේ  නිදහසේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඉඩ ඇරියා.

ප්‍රශ්නය - තුෂාර පීරිස් කියන පුද්ගලයා ඔබවහන්සේට මේ තොරතුරු ලබා දීමේ ඔහුගේ අරමුණ මොකක්ද?

මම ඒ ගැන ඇහුවා ඔහුගෙන් ලංකාවට එන්න වුවමනාවක්ද කියලා? ඔහු එතකොට මට කිව්වේ, අවි ආයුධ එක්ක ගැටිලා, ප්‍රංශයට ඇවිල්ලත් වැඩ කරන එකේ ලංකාවට එන්න ක්‍රමද නැත්තේ කියලා.

යහපාලන ආණ්ඩුව තොරතුරු වසන් කරන්න, තුෂාර පීරිස්ට රුපියල් ලක්ෂ 500 ක් දෙන්න හදලා, තොරතුරු තියාගෙන, මාධ්‍යට කියලා, තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැතිව ආරක්ෂක ලේකම් හමු වෙලා මේ කියන සාක්ෂි ඇත්තනම්. මේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු උඩුයටිකුරු වෙලා ඇත්ත තොරතුරු අනාවරණය වෙයි"

Rate this item
(0 votes)