December 12, 2019

මැති ඇමැතිවරු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අමාත‍්‍ය පී.හැරිසන් මහතා සිය ඡන්දය අනුරා‍ධපුර මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී අද (16) උදෑසනම ප්‍රකාශ කළේය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ඡන්දය බදුල්ල උදයරාජ මහ විදුහලේදී අද (16) ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික්  පා.ම සි.බි.රත්නායක මහතා අද (16) උදැසන වලපනේ හරස් බැද්ද සිංහල මහා මහ විද්‍යාලයේදි සිය ඡන්දය  ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අද (16) පෙරවරුවේ කඩුවෙල, හෝකන්දර මල්වත්ත පාර, සේවා පියස ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය භාවිතා කරනු ලැබීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද උදෑසන බත්තරමුල්ලේ, ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමයේ බෞද්ධ මන්දිරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද කොළඹ, ඩි. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

 තිලංග සුමතිපාල මහතා කොලඹ ආනන්ද විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)


DLB Desktop