December 12, 2019

ජනපති මෛත්‍රී අවසන් කැබිනට් රැස්වීම පවත්වයි Featured

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස තම අවසන් කැබිනට් රැස්වීමට අද (11) ජනපති ලේකම් කාර්යාලයේදී සහභාගි විය.

අඟහරුවාදා දිනයේදී සාමාන්‍යයෙන්  කැබිනට් රැස්වීම පැවැත්වුවත් හෙට දිනයේදී පොහොය නිවාඩුව හේතුවෙන් කැබිනට් රැස්වීම අද දිනයේදී පවත්වා තිබේ.

මේ පිළිබඳව තම ට්විටර් ගිණුමෙන් අදහස් ප්‍රකාශ කරන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ කෙතරම් වෙනස්කම් තිබුණත් 2015 වසරේදී එවකට අපේක්ෂකයෙක් ලෙස තමා එක් වතාවක් පමණක් ජනපති ලෙස කටයුතු කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ වචනය තුළ කටයුතු කිරීම පිළිබඳව ඔහුට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.

2018 වසරේදී ජනපතිට විරුද්ධ වුවත් එම පාලන කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය බොහේ පැතිවලින් නැවත ස්ථාපිත කළ බවද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Rate this item
(0 votes)


DLB Desktop