November 21, 2019

දන්න සියලු දේ කියනවා - සජින් වාස්

2010-2015 රාජ්‍ය පාලනයේ දූෂණය පිළිබඳව කථා කිරීමට තමන් සූදානම් බවත් තමන් දන්නා සියලු දේ කියන බවත් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.

අම්බලන්තොට ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම තමන් සමග විවාදයකට එන ලෙසත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට අභියෝගයක්ද එල්ල කළේය.

“මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ. රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක (විවාදයකට) අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය ගැන කථා කරමු. හැබැයි මේක වෙන්නේ ඕන 13 දාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ”

Rate this item
(1 Vote)