May 27, 2020

හරින්ගේ ඉල්ලීමට සඳුදා පාර්ලිමේන්තුව කැඳවයි

විශේෂ සැසි වාරයක් සඳහා ලබන සඳුඳා (11) පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම සැසි වාරය කැඳවයි.

මේ සඳහා හේතු වී ඇත්තේ ක්‍රීඩා පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණද එය ඇතුළත් නොකිරීමයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම සිය විරෝධය පළ කළ අතර, සභාව කැඳවීමට අගමැතිවරයා තීරණය කළේ මේ අනුවය.   

Rate this item
(0 votes)