November 21, 2019

විරුද්ධ කණ්ඩායම් ප්‍රශ්න ඇති කරන්න පටන් අරන් - රවී

වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පලකළේ මඩකලපුව කෝවිලේ අගරදගුරුතුමන් හමුවී, එහි පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව, පසුගිය දිනක වව්නියාව ලංවිම සේවක පිරිසකට එල්ල වු ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමිනි.
 
එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

"දිවයිනේ යම් තැන්වල ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් නොයෙක් ප්‍රශ්න ඇති කරන්න පටන් අරන් තිබෙනවා. පසුගිය දිනක යම් පිරිසක් විසින් වව්නියාව ලංකා විදුලබල මණ්ඩලයේ නිලධාරින්ට ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. එම ප්‍රහාරය එල්ල කළ පිරිස පොලීසියට හඳුනාගන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් මේ වනවිට ප්‍රහාරකයින්ව අත්අඩංගුවට ගන්න හැකිවෙලා තිබෙනවා. මෙම ප්‍රහාරකයින් නීතිය ඉදිරියට පමුණුවලා, ඔවුන් විසින් සිදුකළ සාපරාදී ක්‍රියාවන්ට නිසි දඬුවම් ලබා දෙන බවට මේ වන විට අපව දැනුවත් කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයීය සේවක පිරිස් වෙතින් මම කාරුණික ඉල්ලීමක් කළා,මෙම සිද්ධීන් හේතුවෙන් අපේ අහිංසක පාරිභෝගිකයින්ට කිසිදු ආකාරයක හිරිහැරයක් වනපරිදි කටයුතු කරන්න එපා කියලා. ඒ අනුව වන්නි ප්‍රදේශයේ විසන්ධි කළ විදුලිබලය මේ වන විට යථා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ පිළිබදව මම අපේ සහෝදර ලංවිම සේවක පිරිස් වෙතස්තුතිය පුදකර සිටිනවා. ඒකීයභාවයක් තුළින් සියළු ජාතීන්ට මෙන්ම සිය ආගමිකයන්ට නිදහසේ සතුටින් ජීවත්විය හැකි රටක් බිහි කිරීමයි අපේ ඒකායන අරමුණ වී තිබෙන්නේ. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මේ දිනවල නොයෙකුත් අසත්‍ය දේ ප්‍රචාරය කරමින් සිටිනවා. අද සියළුම පිරිස් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙලා සිටිනවා. එකම කණ්ඩායමයි අපිත් සමග එකතුවී නැත්තේ. වැඩිකල් යන්නට මත්තෙන් එම කණ්ඩායමේ සාමාජිකයනුත් අපිත් සමඟ එකතුවන බව මට විශ්වාසයි"

Rate this item
(1 Vote)