November 21, 2019

ප්‍රවේසම්වන්න ! නවදිල්ලියෙන් කොළඹට තෑග්ගක්

ප්‍රවේසම්වන්න ! නවදිල්ලියෙන් කොළඹට තෑග්ගක් file photo

කොළඹ නගරය හා අවට පවතින අයහපත් මීදුම් තත්වයට හේතුව ඉන්දියාවේ නව දිල්ලියේ ඉතා අධික වායු දූෂණය සුළඟ හරහා පැමිණීම බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. 

නවදිල්ලිය හා ඒ අවට සිදුවන විශාල ගිනි තැබීම වලින් ඇතිවන දුමාරය දකුණ හා ගිනිකොන දෙසට හමන සුළඟ හරහා දකුණු ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

නොවැම්බර් 05 වනදා කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයේ වායු තත්ව මාපකයේ ඒකක 163ක් වාර්තා වූ අතර එය අද (07) වන විට ඒකක 172ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙම ඉන්ඩෙක්සය ඇමරිකානු පරිසර ඒජන්සිය විසින් සකසා තිබේ. ඊට අනුව ඒකක 151 - 200 යි අතර තත්වය ප්‍රබල අයහපත් වායු දුෂණ තත්වයක් ලෙස පිළිගන්නා අතර ඊට ගොඳුරු වන්නන් විවිධ රෝග වලට ලක්වන බවට නිර්දේශ කොට තිබේ.  

ළඳරුවන් හා කුඩා දරුවන්ට මෙම තත්ත්වය තදින්ම බලපාන අතර ඊට ගොඳුරු වන සියල්ලන්ටම පෙනීමේ ආබාධ සහ ශ්වසන ආබාධ ඇති වීමට පුළුවන. උගුරේ හා ඇස්වල දවිල්ලේ සිට ක්ෂණික මරණය දක්වා මෙම වායු දූෂණය බරපතල වේ. 

මිට පෙර කොළඹ නගරයේ වාර්තා වූ ඉහළම වායූ දුෂණ ඒකකය 115කි. ඒකක 101 - 150යි අතර තත්වය වඩා සංවේදී සෞඛ්‍ය තත්වයන් සහිත අයට හුස්ම ගැනීමේ හා උගුරේ ආබාධ ආදී යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි තත්වයකි. 

ඒකක 201 - 250යි අතර තත්වය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු තරමේ බලවත් වායු දුෂණයකි. කොළඹ නගරය අද සිටින්නේ එම තත්වයට ඒකක 28ක් පිටුපසිනි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 November 2019 11:15