November 21, 2019

“අත්පුඩි ගහන්න එපා බං - සහමුලින්ම විනාශ කලා කියලයි කිවුවේ" - බලෙන් අත්පුඩි ගස්සාගෙන සුජීව අමාරුවේ වැටෙයි (VIDEO)

කොටි නායක ප්‍රභාකරන් විසින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට තීන්දු කර තිබූ බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ආර්. ප්‍රේමදාස මහත්තයා අද තම කණ්ඩායම දෙස බලා සිටින්නේ නම් සතුටු වනු ඇති බවද කී ඔහු අත්පුඩියක් ගසන්නැයි ජනතාවට ආරාධනා කළේය.

එල්ටීටීය විසින් එක්සත් ජාතික පක්ෂය සහමුලින්ම විනාශ කළේ යැයි ඇමැතිවරයා කියද්දී ජනතාවක් අප්පුඩි ගහන්න වූයේය.

‘අත්පුඩි ගහන්න එපා. විනාශ කළා කියලයි කීවේ’ යයි ඇමතිවරයා යලිත් එහිදී සඳහන් කර අත්පුඩි නැවැත්වීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජනරැුළියකදී මෙම සිදුවීම විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 November 2019 08:38