November 21, 2019

අන්තවාදය පරාජය කරන්න සජිත් ජනපති කරන්න - රවී

අන්තවාදය පරාජය කර සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කළ යුතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, මඩකලපුව ප්‍රදේශයේ පැවති, ජනපති ජය තහවුරු කිරීමේ ජනතා රැලියකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"වසර 05 කට කලින් අපිමේ ප්‍රදේශයට පැමිණිල්ලා, එදා පැවතුන දුර්දාන්ත පාලනය වෙනස් කරලා, වැලලිලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න අප ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. එදා ජනතාව බය නැතිව අපට ලබාදුන් වරම තුළින්, ජනතාව බියෙන් ජීවත්වූ පසුබිම අපි නැති කරලා. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න අපට හැකිවුණා.  එදා බිහිවූ හවුල් ආණ්ඩුව තුලින් ජනතා ගැටළු නිසි පරිසි විසදන්න බැරි නිසයි, අප මෙවර අපේම ආණ්ඩුවක් බිහි කරන්න හිතුවේ. ඒ වෙනුවෙන් තවත් වරක් අපි ගැන විශ්වාසය තියලා, ජනතා වරම ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. වසර 5 කට කලින් අපි ලබාගත් ජන වරම තුළින් අමාරුවෙන් හරි කලහැකි ජනතා සේවය ඉටුකලා. අපි බලය ඉල්ලන්නේ ජනතාවට වැඩ කරන්නයි. 2015 ලබාදුන්න ජනතා වරම තු‍ලින් එදා රාජපක්ෂ ආණ්ඩුවට කරගන්න නොහැකිවුණ කාර්යයන් විශාල සංඛ්‍යාවක් ඉටු කරන්න අපිට හැකිවුණා. වසර 10ක් 11ක් ඔවුන්ට කරන්න බැරිවුණ, රජයේ සේවයේ, පොලීසියේ, ත්‍රිවිධ හමුදාවේ වැටුප් වැඩි කරන්න අපට හැකිවුණා. පාරිභෝගික භාණ්ඩ රැසකම මිළ අඩු කලා. ජීවන වියදම යම් තරමකින් පහත දමන්න හැකිවුණා. හවුල් ආණ්ඩුවක අවුල් තුළින් මේ තරම් සංවර්ධනයක් කළ අපිට, අපේම ආණ්ඩුවක් තුළින් මීට වඩා වැඩි සංවර්ධනයක් ජනතාවට ලබාදෙන්න හැකිවේවි. අන්තවාදය පරාජය කරන්න නොවැම්බර් 16 හංසයා ඉදිරියේ කතිරය ගහලා සජිත් රටේ ජනාධිපති කරන්න "

Rate this item
(0 votes)