November 13, 2019

අරුණ පත්තරේ ගැන මංගල සැර වෙයි (VIDEO)

අරුණ ජාතික පුවත්පත හා එහි කළමනාකාරිත්වය දැඩි විවේචනයට ලක් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලය පුරාවටම දැඩි ප්‍රහාර එල්ල කරන ලදී. 

එම තත්ත්වය තවත් උග්‍ර අතට හරවමින් මංගල සමරවීර මහතා තමන් පෙනී සිටින වීඩියෝ පටයක් හරහා යළිත් වතාවක් අරුණ පුවත්පත දැඩි විවේචනයකට ලක් කරන ලදී. 

අරුණ පුවත්පත ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවටද එම වීඩියෝ පටය හරහා මංගල සමරවීර මහතා චෝදනා කරයි. 

මීට පෙරද එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් අරුණ පුවත්පත දැඩි විවේචනයකට ලක් කරන ලදී. 

වත්මන් රජය යටතේ පවතින මුල්‍ය අර්බුධ මත මේ වර්ෂය තුළ පමණක් පුවත්පත් රැසක් වසා දමා ඇති අතර අරුණ පුවත්පත පටන් ගත්තේ එවන් අසීරු පසුබිමක් තුළය. 

අරුණ පුවත්පතට මංගල සමරවීර මහතා එල්ල කළ චෝදනා ඇතුළත් වීඩියෝ පටයක් මේ වන විට දිලිත් ජයවීර මහතාගේ මුහුණු පොතෙහි පළ කර තිබේ. 

අරුණ පුවත්පත අයත් වන්නේ දිලිත් ජයවීර මහතා කළමනාකාරිත්වය දරණ සමූහ ව්‍යාපාරයටය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 October 2019 14:06