November 13, 2019

ගෝඨාගේ පාලනයක් යටතේ කෘෂි වගකීම කාටද?

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත හොත් ඔහු පිහිටුවන රජයේ කෘෂිකර්මය භාර වගකීම කිසිවෙකුත් බලාපොරොත්තු නොවන පුද්ගලයෙකුට ලබා දීමට සූදානම්ව සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

දේශීය ගොවියා ශක්තිමත් කිරීම හරහා කෘෂි කර්මාන්තය නගා සිටුවීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතා අතර ඉදිරියෙන්ම තිබේ. 

වස විසෙන් තොර ගොවිතැන පිළිබඳ ප්‍රායෝගිකවද හසල දැනුමක් ඇති දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට මෙම වගකීම පැවරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ අදහසක් තිබෙන බව වාර්තා වේ.

අක්කර ලක්ෂ 50ක් වගා කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට සහලින් හා අන් භෝගයන්ගේ ස්වයංපෝෂිත රටක් වීමට හැකියාව තිබේ.

Rate this item
(0 votes)