November 13, 2019

යන යකා නිල නිවසටත් විදී - ලක්ෂ 80,000ක් වියදම් කර නවීකරණයත් කරගෙන

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන මස 17 වනදා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමෙන් පසු ඔවුන්ට ජිවත් වීම සඳහා කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි නිවස ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ. 

තමාගේම ප්‍රධානත්වයෙන් පැවති මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් හිරිකිතයකින් තොරව සම්මත කර ගෙන තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවට අනුව නිල නිවසක් ලබා දිය යුතුව තිබේ. 

එහෙත් මිට පෙර සිටි ජනාධිපතිවරු රාජ්‍ය පාලනය ගෙන ගියේ ඊට අදාළ නිල නිවෙස් වන කොටුව ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරයේ සිටය. එහෙත් වත්මන් ජනාධිපතිවරයා කලින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවාස හා ඊට යාබද රජයේම තව නිල නිවසක් එක් කොට මහජන මුදලින් රුපියල් ලක්ෂ 80,000ක් වැය කොට නවීකරණය කර ගනිමින් ජනපති ධුරයෙ නිල කටයුතු එහි සිටම කරනු ලැබුවේ විශ්‍රාම යාමෙන් පසු එය අත්පත් කර ගැනීමේ අරමුණින් බව දැන් පැහැදිලිය. 

ජනාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු ජිවත් වීමට තෝරාගෙන තිබෙන මෙම නිල නිවස ලංකාවේ මිල අධිකම ඉඩම් හිමි ප්‍රදේශයක් වන ඉහළ ධනපති පන්තිය ජිවත් වන කොළඹ 07ට අයත්ය. 

මිට පෙර සිටි මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක යන ජනාධිපතිවරුන්ට විශ්‍රාම ගැනීමෙන් පසු නිල නිවසක් සොයා ගැනීමට සෑහෙන කලක් ගත විය. 

මීට ටික දිනකට පෙර ජනාධිපතිවරයා තම ආරක්ෂාවට කියා ගෙන්වා ගත් ලක්ෂ 5,000ක් පමණ වටිනා වාහන දෙකක් සඳහා ගෙවිය යුතු බදු මුදල් ලෙස රුපියල් ලක්ෂ දහසක මුදලක් ලබා ගැනීමට පරිපුරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 October 2019 11:34


DLB Desktop