November 13, 2019

අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව ගෝඨාට ඡන්දය දෙනවා - මහින්දානන්ද

අන්තවාදයට විරුද්ධ සමස්ත මුස්ලිම් ජනතාව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

ඊයේ (15) කොළඹ අධිකණ සංකීරණයේදී මාධ්‍ය වෙත අදහස් අක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය මුස්ලිම් ජනතාවගේ සහයෝගය පිළිබඳ වැඩිය නොසිතිය යුතු බව පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතාමත් විශ්වාස වන්ත පුද්ගලයා වන්නේ මුස්ලිම් ජාතික ජනාධිපති නීතිඥවරයෙක් බවයි. 

Rate this item
(0 votes)


DLB Desktop