October 17, 2019

විදුලිබල අමාත්‍යංශයේ ලේකම්ටත් ඇමතිට වැලදී ඇති රෝගයම වැළඳිලා

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ජී.එම්.එස්.බටගොඩ මහතාටද එම විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතාට වැළඳී ඇති අමතක වීමේ රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

එම තත්වය ඉකුත් නව වැනිදා කෝප් කමිටුව ඉදිරියේදී උත්සන්න වූ ආකාරය මාධ්‍ය හරහා රටටම දැක බලා ගන්නට හැකි විය. 

ඉකුත් 9 වැනිදා කෝප් කමිටුව ඉදිරියේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදු වූ අතර එහිදී තුර්කි නැවකින් අධික මිලට හදිසි විදුලිය මිල දී ගැනීමක් පිළිබඳව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් වූ ඇතැම් වැදගත් කරුණු මට මතක නැතැයි යනුවෙන් අමාත්‍යාංශ ලේකම් වරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලදී.

එම ප්‍රකාශය කෝප් කමිටු නියෝජිතයන්ගේ හාස්‍යට ලක් විය.

Rate this item
(0 votes)


DLB Desktop