October 17, 2019

"මම මේක දාලා කොහේ යන්නද?" - මහින්ද සමරසිංහත් එජාපයට යන්න බැහැ කියයි Featured

තමාද කිසි විටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඒෂියන් මිරර් වෙත පැවසිය.

මහින්ද සමරසිංහ මහතා එජාපයට එන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමතිවරුන් ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී සමරසිංහ මහතා සඳහන් කළේ "මේක දාලා කොහේ යන්නද?" යන්නය. එජාප ඇමතිවරුන්ගේ එම ප්‍රකාශ පදනම් කරගෙන ඒෂියන් මිරර් වන අපද මහින්ද සමරසිංහ මහතාගේ පිල් මාරුව පිලිබඳ කිහිපවතාවක්ම ප්‍රවෘත්ති වාර්තා කරන ලදී.

Rate this item
(2 votes)
Last modified on Thursday, 10 October 2019 11:38


DLB Desktop