October 17, 2019

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට එළඹෙයි (LIVE)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මීට ටික වේලාවකට පෙර දෙපාර්ශවයේ නියෝජිතයින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ, කොළඹ පදනම් ආයතනයේදීයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

පක්ෂ දෙක අද අත්සන් කරනු ලබන මූලික අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් ඉදිරියේදී තවත් එකඟතා කිහිපයකට එළඹීමට නියමිත ය.

Rate this item
(0 votes)


DLB Desktop