October 17, 2019

"මම අද ගෝඨාගේ වේදිකාවට නගිනවා - එජාපයට යන කතාව බොරු" - දුමින්ද

අද අනුරාධපුරයෙන් ආරම්භ වන පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක රැස්වීමට තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඒෂියන් මිරර් වෙත පැවසිය. 

ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ගත් තීන්දුව සමඟ තමන් සිටින බවද අද වේදිකාවට නගින්නේ ඒ අනුව බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන බවට එහි ප්‍රබලයින් කීප වතාවක්ම ප්‍රකාශ කර තිබීම ගැන කළ විමසුමට පිළිතුරු දුන් දිසානායක මහතා තමන් කිසිවෙටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බව සඳහන් කළේය.

තමන් සමඟ අනුරාධපුර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ද එම රැස්වීමට සහභාගී වන බව දිසානායක මහතා පැවසිය.

ශ්‍රීලනිප මහ ලේකම් වරයා වශයෙන්ද කලක් කටයුතු කළ දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 October 2019 12:08


DLB Desktop