October 17, 2019

සිවාජිලිංගම්ගේ ටෙලෝ සාමාජිකත්වය අහෝසි කරයි

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදුන් එම්.කේ.සිවාජිලිංගම්ගේ  ටෙලෝ සාමාජිකත්වය මේ වන විටත් අහෝසි කර ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා සදහන් කළේය.

ඔහුගේ පක්ෂ සාමාජිකතවය නාම යෝජනා බාරදුන් අවස්ථාවේදිම අහෝසි කිරීමට තීරණය කළ බවත් ලබන 12 වනදා ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව පක්ෂ සාමාජිකත්වයෙන්  නිල වශයෙන් ඉවත් කරන බවත් අඩෙයිකලනාදන් මහතා පුවත්පතකට පැවසීය.

"දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි එම්.කේ.සිවාජිලිංගම් මහතා ටෙලෝ පක්ෂයේ සාමාජිකයෙක්.ටෙලෝ පක්ෂයේ ප්‍රතිපත්ති හා නීතිරීතිවලට පටහැනිව පක්ෂය කිසිදු දැන්වත් කිරීමක් සිදු නොකොටයි ඔහු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුනේ.මින් ඉදිරියට සිවාජිලිංගම්ටත් ටෙලෝ සංවිධානයටත් කිසිම සම්බන්ධයක් නැහැ.නිසැකවම ටෙලෝ මධ්‍යම කාරක සභාව රැස්වෙලා සිවාජිලිංගම්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන.ජනාධිපතිවරණයට තරග කිරීම සදහා සිවාජිලිංගම් ඉදිරිපත් වුනේ ස්වාධීන අපේක්ෂකයකු විදිහටයි. එයට සහ ටෙලෝ සංවිධානයට කිසිම සම්බන්ධයක් නැහැ.පක්ෂයට පටහැනිව එලෙස නාම යෝජනා බාරදීම විශාල වරදක්.ඒ සම්බන්ධයෙන් නිසැකවම විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 October 2019 18:50