October 17, 2019

ජනතාවට සහන දුන් බව අගමැති කියයි

තම පාලන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ජනතාවට සහන ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකදීය.

එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ හමුව  කොළඹ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය. 

“පොහොට්ටුව කියන්නේ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නෙමෙයි. තවත් නමකින් රාජපක්ෂලාම තමයි ආයෙත් එන්නේ. ඒ අයයි ආර්ථිකය කඩා වැටීමට ලක් කළේ.ඔවුන්ව නැවත ගේන්න කැමතිද? මම අද පැහැදිලි කරන්නම්. හැමෝගෙම ආර්ථිකය ඉහළ ගියා. රාජ්‍ය සේවකයින්ගේ ආදායම ඉහළ ගියා. පෞද්ගලික අංශයේ ආදායම ඉහළ ගියා. එයයි සිදු වුණේ.  අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල 2014 සහ 2015 තිබුණට වඩා අඩු තත්වයක තියෙන්නේ. ඉන්ධන මිල. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල. ජීවන වියදම ගැන ජනතාව චෝදනා කරනවා. ආදායම වැඩිවෙද්දී බස් එකේ ගිය අයට මෝටර් බයික් එකක් ඕනේ වෙනවා, මෝටර් බයික් එකේ ගිය කෙනාට මෝටර් රථයක් ඕන වෙනවා.ඔබේ අතමිට සරුවෙද්දී ඔබේ වියදම් ඉහල යනවා. විශාල ණයක් ගෙවන ගමන් අපි ආදායම් ඉහළ නංවලා තියෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක පවත්වාගෙන ගිහින් තියෙනවා. එය අපි අත්පත් කරගත් සාර්ථකත්වයක්.“

Rate this item
(0 votes)


DLB Desktop