October 17, 2019

"ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ"

ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (6) පස්වරුවේ ප්‍රකාශ කළේය.

කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.

අවුරුදු 10 ක් රට පාලනය කළ රාජපක්ෂවරුන්ට බඩු මිල අඩු කිරීමට නොහැකි වූ බවත් එසේ කළ නොහැකි වූයේ ඇයි දැයි පොහොට්ටුවේ අපේක්ෂකයා ජනතාවට කිව යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීවේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනතාවට තවදුරටත් සහන සලසමින් බඩු මිල අඩු කරන බව ද හෙතෙම කීය.

පසුගිය ආණ්ඩුව රට පාලනය කර අසාර්ථක වූ තැන අකැමැත්තෙන් මැතිවරණයක් පවත්වා පරාජයට පත්වූ බවත් එවැනි පිරිසකට නැවත රටේ පාලනය බාර දෙනවාද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

Rate this item
(0 votes)


DLB Desktop