February 29, 2020

"චෝදනා කළාට ඔප්පුවෙලා නෑ - රිෂාඩ්ලා, හිස්‌බුල්ලා එක්‌ක ගමනක්‌ යන්න එජාපෙට බාධාවක්‌ නැහැ"

අන්තවාදයට, බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට සම්බන්ධකම් ඇති බව පවසමින් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කළත් ඒවා සැකයෙන් තොරව ඔප්පුකර නොමැති නිසා ඔවුන් තවදුරටත් නිවැරදිකරුවන් බවත් ඔවුන් සමඟ දේශපාලන ගමනක්‌ යැමට එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ නොවන බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
 
රිෂාඩ් බදියුදීන්, ඒ. එම්. එල්. හිස්‌බුල්ලා, මුජිබුර් රහුමාන්, හලීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන්ට නොයෙක්‌ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් ජනාධිපති කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, බුද්ධි අංශ වාර්තා සහ පොලිස්‌ වාර්තා මගින්ද ඔවුනට එරෙහිව කිසිදු චෝදනාවක්‌ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
චෝදනා සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මෙන්ම, හිටපු ජනාධිපති විපක්‌ෂ නායක මහින්ද රාජපක්‍ෂ ද අමතක කළ නොහැකි බව ද කී රංගේ බණ්‌ඩාර මහතා චෝදනා තිබූ පමණින්ම කිසිදු පුද්ගලයකු වැරදිකරුවකු වන්නේ නැති බව ද කියා සිටියේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග පිරිසිදු ගමනක්‌ යමින් තම පෙරමුණේ අපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීමට ක්‍රියාකිරීමට ක්‍රියා කරන බව ද හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

Rate this item
(1 Vote)