October 17, 2019

වැලිඅංගේ සජිත් පිළට යයි - රනිල් වේදනාවෙන්

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති වත්මන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ එරංග වැලිඅංගේ මහතා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසතුටට හේතු වී තිබේ.

වැලිඅංගේ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයින් හතර පස් දෙනාගෙන් කෙනෙකි. 

තරුණ සේවා සභාවේ සභාපති ධූරයට මෙන්ම ප්‍රදේශයේ ජනප්‍රිය මංජු ශ්‍රී අරංගල මහතා ඉවත් කර හෝමාගම සංවිධායක ධූරය වැලිඅංගේ මහතාට රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන්නේ මේ සමීපකම නිසාය. 

මේ වන විට වැලිඅංගේ මහතා හෝමාගම ආසනය පුරා "තරුණ රටකට තරුණ සජිත්" නමින් අති විශාල ප්‍රමාණයේ කටවුට් රැසක් ප්‍රදර්ශණයට තබා තිබේ. වැලිඅංගේ මහතා පාලිත රංගේ බණ්ඩාර මහතාගේ බෑනණුවන් ද වේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 October 2019 19:36


DLB Desktop