February 24, 2020

මලික්ගේ කළමණාකරණ කතාව බොරු - රනිල් වෙනුවෙන් මුදල් හොයන්න හදා ගත්ත තනතුරක්

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ මැතිවරණයේ කළමනාකරු ලෙස පත් කර තිබෙන බවට වන ප්‍රකාශය අසත්‍යක් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සම කළමනාකරුවන් ලෙස තිස්ස අත්තනායක සහ ඉමිටියාස් බකීර් මාකර් යන මහතුන් සජිත් ප්‍රේමදාස මහතා විසින්ම පත් කර ඇති අතර ඔවුන් මේ වන විට වොක්ස්වොල් විදියේ කාර්යාලයේ සිට සිය කටයුතු මෙහෙයවයි.

සිය දිගුකාලීන මිතුරා මෙන්ම පහුගිය අවදියේ බොරු විරසකයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ව්‍යාපාරය හරහා මුදල් එකතු කිරීම සඳහා මලික් සමරවික්‍රම මහතා මෙම තනතුර අරූඩ කරගෙන තිබිණි.

මලික් සමරවික්‍රම මහතාගේ මෙම වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට සම්පුර්ණයෙන්ම නවතා තිබේ. 

Rate this item
(1 Vote)