March 31, 2020

රටම අකමැති එකම අගමැති රනිල් - තිලංග

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ජනාධිපතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හේතුව පිළිබඳව සොයා බලා ඉදිරි දේශපාලන ගමන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

දෙහිවල ගල්කිස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලේය.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අපේ සංස්කෘතිය, අපේ කම ගරු නොකරන අග්‍රාමාත්‍යවරයෙක් සමඟ කටයුතු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කටයුතු කිරීමට සිදුවු බවයි.

"රටම අකමැති එකම අගමැති රනිල් වික්‍රමසිංහ" මහතා බවත් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂය තුළින්ම අග්‍රාමාත්‍යවරයා රටේ පළමු පුරවැසියා බවට පත් කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවත් රටම ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)