April 02, 2020

පාවෙන ඡන්දවලට සජිත් විහිළු සපයන්නෙක් වෙලා - පවිත්‍රා

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ගිවිසුම් ගතවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇය මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහත්මිය මෙසේ පැවසීය.

"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අපේ කඳවුරේ සියලූ දෙනා සියළු ශක්තිය එක මිටකට එකතු කර කැපවෙනවා.  නමුත් අද එජාපයට මොකද වෙලා තියෙන්නේ.  එජාපයට වෙලා තියෙන්නේ එලියට පේන්න හොඳට පවුල් කෑවට ඇතුළෙ තියෙන්නේ විශාල වෛරයක්. ලෝකෙට පේන්න හොඳට ඉන්නවා. නමුත් ඇතුළෙ රනිල් සජිත් ආරවුල දිගටම යනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න අපිට විශේෂිත සැලසුමක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ පාර්ශවය  සජිත් ප්‍රේමදාස පරාජය කරන්න විශේෂිත සැලසුම් සකස් කරමින් සිටිනවා.  සජිත් ප්‍රේමදාස කියන්නේ රනිල් වික්‍රමසිංහ විරෝධී එජාප පාක්ෂිකයින්ට  පොඩි ආකර්ෂණයක් ඇති කරන පුද්ගලයෙක් වුණත්  එය මැතිවරණ ක්‍රියාවලිය තුළ තීරණාත්මක සාධයක් නොවේ. පාවෙන ඡන්ද කියන කොටසට අද සජිත් ප්‍රේමදාස විහිළු සපයන්නෙක් බවට පත්වෙලා. උසනම් සිකියුරිටි මිටි නම් කම්කරු දේශපාලන න්‍යාය දැන් රටට හරියන්නේ නැහැ.මේ වගේ න්‍යායක් තිඛෙන නායකයෙක් රටේ ජනාධිපති කරන්න බැහැ කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න නම් දර්ශනයක් සැලැස්මක් අවශ්‍ය යි. රට ගොඩනඟන වැඩපිළිවෙළ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා ඇරෙන්න බොරු දේශපාලන පොරොන්දු ලබාදීමෙන් අද මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බැහැ.සජිත් ප්‍රේමදාස දිගටම කියනවා තමන්ගේ පියාගේ කාලයේ වගේ යුගයක් නැවත ඇති කරනවා කියලා.  ආර් ප්‍රේමදාස යුගයේ එජාප බලයේ  ඉන්නකොට හැටදහසක් තරුණ තරුණ තරුණයන්ට එලොව පොල් පෙන්නුවා. මම අහනවා සජිත් පේමදාස වටේ ඉන්න සිවිල් ක්‍රියාකාරීන් ගෙන්ත්‍රීමාවිතාරණ ඝාතනය ,චරිත ලංකාපුර ඝාතනය, සාගරිකා ගෝමස් ඝාතනය, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය, ගැන දැන් මොකද්ද කියන්නේ කියලා. ආර් ප්‍රේමදාස යුගයක් නැවත ජූනියර් ප්‍රේමදාස විසින් ඇතිකලොත් තරුණ කාලයේ අපි මුහුණ දීපු භීෂණකාරී තත්ත්වයට නැවත රට මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. මේ රටේ අම්මා වරුන්ගෙන් මම ඉල්ලනවා එවැනි භීෂණයකට ඉඩ තියන්න එපා කියලා. සජිත් ප්‍රේමදාස මේ වෙනකොට එජාප ආණ්ඩුවේ හොරු සියලූ දෙනා එක්ක ගිවිසුම් ගහලා තියෙනවා.  මහබැංකු මංකොල්ලයෙන් වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නත් ගිවිසුම ගහලා ඉවරයි. රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිමෙන්ති කොට්ට දහයකට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරමින් හිරිකිත දේශපාලනයක නියැළෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන  සගයෝ එතුමාගේ අධ්‍යාපන මට්ටම ගැන කතා කරපු එක ගැන කණගාටු වෙන්න දෙයක් නැහැ. මේ සිමෙන්ති කොට්ට ඛෙදාහැරීමේ කටයුතු වලින් අපට පෙනී යන්නේ එතුමා දෙවැනි රඟ දැක්වීමක් සිදුකරන බවයි. අද රට ගෝලීයකරණය වූ රටක්. එහෙම තත්ත්වයකදී සජිත් ප්‍රේමදාස හිතනවා සිමෙන්ති කොට්ට  දහයක් දීලා ජනතාවගේ ඡන්දය ලබා ගන්න පුළුවන් පුළුවන් කියලා.  නමුත් බුද්ධිමත් ජනතාවට ඡන්දය භාවිතා කරන්නේ නිවැරදි සැලැස්මක් සහ දැක්මක් තිඛෙන පුද්ගලයාටයි. රට ගොඩනැගීම සඳහා නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට සියලූ කඳවුරු අද ඒකරාශී වෙමින් තිබෙනවා."

Rate this item
(1 Vote)