March 31, 2020

මම ආවේගශීලි වුනාම අගමැතිවරයා මාව සන්සුන් කරනවා - හකීම්

තමාත්, අගමැතිවරයාත් අතර විරසකයක් ඇති බවට ඇතැමුන් පවසන බවත්, එක්සත් ජාතික පෙරමුණේ රජයේ වාද විවාද කරන්න ඕන තරම් අවස්ථාව ඇති බවත් එය අගමැතිවරයා හොදින් අවබෝධකර ගෙන සිටින බවත් නගර සංවර්ධන ජල සම්බපත් හා උසස් අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පකාශ කළේ, ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමය වන මහනුවර උතුර සහ පාතදුම්බර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල් ගල් තැබීමෙන් අනතුරුව පාතදුම්බර දොරගමුව මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුව අමතමිනි.

මෙහිදී තව දුරටත් අදහස්  දැක්වූ අමාත්‍ය රවුෆ්  හකීම් මහතා පැවසුවේ සමහර අවස්ථාවල අගමැතිවරයා නිතරයෙන් පවසන ලිච්ඡවි පාලන ක්‍රමය ගැනත් වාද කර ගන්නා බවයි. 

ඒ සියල්ල සිදු කරන්නේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම සිය පාර්ශවයේ එකමුතුව වෙනුවෙන් බවත් ආණ්ඩුවේ එක්සත් භාවය වෙනුවෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෘතහස්ත  දේශපාලඥයෙක් සෙල අග්‍රාමාත්‍යවරයා ඒක අවබෝධ කර ගෙන සිටින බවත් , තමා ආවේගශීලි  වු විට තමන්ව සන්සුන් කරන්න එතුමා නිතරම ඉදිරිපත් වන බවත් අමාත්‍යවරයා පවසයි.

ලබන සතිය වෙන වට මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්, ජයග්‍රාහී අපේක්ෂකයා නම් කර මේ ජයග්‍රාහී ගමන යන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙහිදී කීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 September 2019 20:28