June 02, 2020

බුර්කා - නිකාබ් තහනම ඉවතට

බුර්කාව සහ නිකාබය මුස්ලිම් කාන්තාවන් පළදිනු ලබන අතර ඇතැම් අවස්ථාවල යම් යම් කරුණු කාරණා හේතුවෙන් විවිධ අවස්ථාවලදී, විවිධ රටවල්වලදී මතභේදයට තුඩු දුන් මාතෘකාවක් විය.

පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු දින සිදු වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාර මාලාවත් සමඟ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි පළදින නිකාබය සහ බුර්කාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කතාබහක් ඇති විය.

පසුගිය වකවානුවේදී එම ඇඳුම් පැළද වෙළඳසැල් තුළට, පොදු ස්ථානවලට මෙන්ම ප්‍රවාහන සේවා වලටද ඇතුළු වීම තහනම් බව හඟවමින් දැන්වීම් පුවරු රටේ සෑම ප්‍රදේශයකම පාහේ දැකගන්නට ලැබිණි.

මේ වන විට රටේ පැවති හදිසි නීති තත්වය ඉවත් කිරීමත් සමඟ නැවත පෙර පරිදි නිකාබය සහ බුර්කාව පැළඳ පොදු ස්ථානවල සහ වෙළඳසැල් තුලට ඇතුල් වීමට තිබු බාධා ඉවත් වී ඇති බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතා වෙත ලිපියක් නිකුත් කරමින් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 September 2019 19:46