October 17, 2019

“රටේ වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන්න කැමතියි” - හිටපු යුද හමුදාපති

රටේ වෙනසක් ඇති කිරීම සඳහා නායකත්වය දීමට තමා කැමැත්තෙන් පසුවන බව හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ මහතා සඳහන් කර ඇත්තේ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් විකල්ප කණ්ඩායමේ නායකත්වය ගන්නැයි තමාට ඇරයුම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බව මහේෂ් සේනානායක මහතා පවසා ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුලත ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද හිටපු ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ ය.

Rate this item
(0 votes)


DLB Desktop