December 09, 2019

පක්ෂයෙන් පිට යන අය දෙපාරක් හිතලා බලන්න - නවීන්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඊයේ (19) පෙරවරුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ එළඹෙන බදාදා දින එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත බවයි.

එමෙන්ම ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දැඩි මතයක් රට තුළ ඇති බවත් ඒ සම්බන්ධයෙන් එකස්ත ජාතික පක්ෂ සම්මේලනයකදී  යෝජනාවක්ද සම්මත කළ බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගන්නා අවශ්‍ය ඕනෑම පියවර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එන ඕනෑම යෝජනාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් නොමැති බව පවසන නවීන් දිසානායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එක්සත ජාතික පක්ෂයෙන් පිට යන පුද්ගලයින් ඒ පිළිබඳව දෙපාර්ක් සිතා බැලිය යුතු බවයි.

Rate this item
(0 votes)


DLB Desktop