October 17, 2019

"සජිත්ට ඉල්ලන්න නව පක්ෂයක් හදනවා" - නලීන් බණ්ඩාර Featured

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හැර වෙනත් අයෙකු නම් කළහොත් තමන් වෙනම පක්ෂයක් හදන බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අනතුරු අඟවයි.

 නලින් බණ්ඩාර මහතා සිය මුහුණුපොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ අලින් සමඟ නව පක්ෂයක් හදන බවයි. ඊට නියම එක්සත් ජාතික පාක්ෂිකයින් එකතු වන බවත් සටහන් කොට තිබේ.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කොට තිබේ. ඔහුගේ කිට්ටුතම සඟයෙක් වන දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මිට ටික කලකට පෙර ප්‍රකාශ කළේ එජාපෙ අපේක්ෂකත්වය ඇතුව හෝ නැතුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. නලින් බණ්ඩාර මහතා නව පක්ෂයක් හදන බව කීමෙන් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එජාපය තුලින් අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන පසු බා තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් එජාපයේ ජේෂ්ඨයෙක් සඳහන් කළේ මෙම අදහසට සහය දෙන්නන් දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමකට ලක්වන බවය.

නව පක්ෂය තව මාස දෙකකින් දේශපාලන වශයෙන් අවලංගු චරිතයක් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සිටීමට අවශ්‍ය දේශපාලන අනාථාගාරයක් සිරිසේන වගේ පුද්ගලයෙකු වෙනුවෙන් තමන්ගේ දේශපාලන ජීවිතය අනතුරකට ලක් කර ගන්නේ ඇයි දැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

Rate this item
(0 votes)


DLB Desktop