October 17, 2019

පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරමින් අපේ ආණ්ඩුවක් බිහිකරනවා - දයාසිරි

පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවක් බිහිකිරිමේ  කි‍්‍රයාවලිය ආරම්භකොට ඇති බව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම්  දයාසිරි ජයසේකර මහතා පැවසිය.

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකයන් සමග ඊයේ (17) මාතරදි පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ බව පැවසිය.

එහිදි අදහස් පළකල මහ ලේකම්වරයා ,

‘‘ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය  පසුගියදා ඉතා සාර්ථකව සුගතදාස කි‍්‍රඩාංගණයෙදි පැවැත්වුවා. ඉන් පස්සේ පළමු දිස්ති‍්‍රක් සමුළුව රත්නපුරේ  පැවැත්වුවා. ‘‘තින්දුව හරි අතට”  කියන තේමාව යටතේ. ඊට අමතරව දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සම්මේලන  පැවැත්විම අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කි‍්‍රයාවලිය සාර්ථකව කි‍්‍රයාවට නංවා  තිබෙන මොහොතක එය ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. දැනට අපි පොදුජන පෙරමුණ සමග සාකච්ජා පවත්වාගෙන යනවා. එය සාර්ථකවු වහාම සන්ධානගතවෙලා  අපේ පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන අපේ ආණ්ඩුව බිහිකර ගැනිමේ  කි‍්‍රයාවලිය කරගෙන යනවා."

"ඒ සදහා තමයි අපි මේ  සියලූ සංවිධාන ජාලා ශක්තිමත් කරමින් පක්ෂය ගම් මට්ටමින් නැවත ශක්තිමත් කිරිමේ  වැඩපිළිවෙලට එළඹිලා තියෙනවා. ඒ වගේම කියන්න ඔ්න  මැතිවරණයක් ප‍්‍රකාශ කිරිම ඉතාම ඉක්මනට සිදුකරයි. හේතුව ලබන නොවැම්බර් 15 ඉදලා දෙසැම්බර් 7 දක්වා කාලය තුළ  තමයි මැතිවරණය තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම ඉතාම ඉක්මණින් දිනය ප‍්‍රකාශයට පත්කරනවා කියන මතය තමයි අප සමග කල සාකච්ජාවේදි  එම කොමිසම ප‍්‍රකාශ කළේ. ඒ වගේම සමාජ මාධ්‍ය වලින් අපේක්ෂකයන් ඉලක්ක කරගෙන මඩ ප‍්‍රහාර එල්ල කිරිම සහ සමහර මාධ්‍ය එක් අපෙක්ෂකයෙකුට පමණක් සහාය පළකිරිම යන කරුණු කාරණාත් නතර කරන ලෙස මැතිවරණ කොමිසමට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට මම ඉදිරිපත් කරා ’’ යැයි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)


DLB Desktop