October 17, 2019

"ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා"

ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15) පැවසීය.

එහිදී කරන ලද සමීක්ෂණයට අනුව පොහොට්ටුවට 70% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවට බියට පත්ව ඇති ආණ්ඩුව ඡන්දය කල්දැමීමට දැඩි පරිශ්‍රමයක් දරන බවද මන්ත්‍රිවරයා කීය.

සෙසු මැතිවරණය කල් දැමූ ආකාරයට එළැඹෙන ජනාධිපතිවරණය පවා කල්දැමීමේ ආණ්ඩුවේ උත්සහය තවමත් අතහැර නැතත්, ඊට කිසිසේත් ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.

Rate this item
(0 votes)


DLB Desktop