October 17, 2019

"ජනාධිපතිවරණයට තෙවරප්පෙරුම ආවොත් අපිට සහය දෙන්න පුළුවන්"

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ හොත් වතුකරයේ ජනතාව ලෙස තෙවරප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කරන බව විශේෂ ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“වර්තමානයේ පොඩි සිදුවිමක් වෙලා තියෙනවා.ඒ සම්බන්ධව අපි කතා කළයුතුයි. තෙවරප්පෙරුම නියොජ්‍ය ඇමතිවරයා පහුගිය දිනක බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒතුමා කළ වරද කුමක්ද. එතුමා කළ දෙය වරදක්නම් ඒ උසාවි නියෝගයට විරුද්ධව අපිට කථා කල නොහැකියී. අපි ඊට ගරු කල යුතුයි. නමුත් එතුමා කල ක්‍රියාව අපි ඉතාම අගය කළ යුතුයි. මොකද වතුකරයේ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවක වතු අධිකාරිවරයා භූමදානය කිරීමට ඉඩමක් ලබාදීම ප්‍රතිකේෂ්ප කළ මොහොතේ එතුමා බලහත්කාරයෙන් භූමදානය කරලා තියෙනවා. එතුමා සම්බන්ධයෙන් අපි ගරුත්වයෙන් කතා කල යුතුයි. එතුමා මේ දවස්වල බන්ධනාගාරයේ හිටියත් එතුමා එලියට ආවාම නායකයෙක් වෙනවා. ඒක කාටවත් වලක්වන්න බෑ. එතුමා ප්‍රබල නායකයෙක් වෙනවා. විශේෂයෙන්ම වතුකරේ ජනතාව එතුමා ගැන උනන්දුවක් තියෙනවා. එවැනි නායකයෝ තමයි අපිට ඉස්සරහට ඕන කරන්නේ. එතුමා ජනාධිපති මැතිවරණයට එනවා නම් අපිට ඡන්දය දාන්න පුළුවන්. වතුකරයේ ජනතාව විදියට සහයෝගය දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවගේ නායකයෙක් අපිට ඕන වෙනවා.“

Rate this item
(1 Vote)


DLB Desktop