January 27, 2020

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලියවිලි සිංගප්පූරුවට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ ලියවිලි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිංගප්පූරුවේ පිහිටා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමුකර තිබේ.

එම කාර්යාලය විසින් අදාළ ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකිරීමට නියමිතය.

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා නම් කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට අදාළ ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමුකළ අතර ඒ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අත්සනද පසුගියදා එක් කළේය.

Rate this item
(0 votes)