September 16, 2019

එජාපෙ පක්ෂ වලින් කරූ අපේක්ෂකයා කරන ලෙස යෝජනාවක් Featured

එක්සත් ජාතික පෙරමුණු නායකයන් රැසක් කථානායක කරූ ජයසූරිය මහතාට තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සහය දීමට කැමැත්ත පළ කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

සමාජ සංවිධාන රැසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අනෙකුත් සංවිධාන විසින්ද ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණු නායකයින් ඉතා ඉක්මනින් මුණ ගැසී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ තීන්දුවක් ගැනීමට නියමිත.

පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවේදී එක්සත් ජාතික පෙරමුණේ සන්ධානගත පක්ෂ තමන්ට සහය දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත. එහෙත් එක්සත් ජාතික පෙරමුණු සන්ධානගත පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට වඩා කරූ ජයසූරිය මහතාට සහය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායක රැස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූ බව දැනගන්නට තිබේ.

Rate this item
(1 Vote)