September 16, 2019

"පාසල්වලට නම් දේශපාලනය ගේන්න එපා" - තලතා

පහුගිය කාලයේ අපි දැක්කා සමහර වෙලාවට පාසල්වල ගුරුවරු දරුවෝ දේශපාලන ලෙස බෙදෙනවා, දේශපාලනය ඕන තැනක කරන්න පුළුවන් හැබැයි පාසල්වලට නම් දේශපාලනය ගේන්න එපා යැයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මෙම අදහස් පළ කළේ ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත් කිරීම යටතේ බලංගොඩ රත්මලවින්න විද්‍යාලයේ නව පංති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

“දරුවන්ගේ අනාගතය තීරණය කරන්න එක කාලයක සම්පුරණයෙන්ම බලය තිබුණේ දේශපාලන අධිකාරියට විතරයි.පාසලකට දරුවෙක් ඇතුළත් කරන එක මහා ප්‍රශ්නයක් වෙලා තිබුණා.ජාතික පාසලකට හොද පාසලකට හොද විදුහල්පතිවරයෙක් ඉන්න පාසලකට දරුවෙක් ඇතුළත් කරන්න නොයෙකුත් විදිහේ දේවල් කරනවා.උප්පැන්න සහතිකය පදිංචි සහතිකය වෙනස් කරනවා .ඒ සදහා විවිධ වංචා සහගත දේවල් කරනවා.මේ හැම එකක්ම වෙනස් වෙන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙනවා.ජාතික පළාත් කියලා පාසල් බෙදන්නේ නැතිව හැම පාසලකටම පහසුකම් ලබාදීම මේ වැඩ සටහනේ ප්‍රධාන පරමාර්ථයි. අද නීතිය නොදැන ගැනීම නිදහසට කාරණයක් නෙමෙයි.නමුත් නීතිය නොදැන ගැනීම නිසා නොයෙකුත් විදිහේ අපරාධ ප්‍රශ්න රාශියක් සිද්ධ වෙනවා.නීතිය නොදැන ගැනීම නිසා සමාජය බරපතල ලෙස කඩා වැටීමකටත් ලක් වෙලා තිබෙනවා.ඒ නිසාම තමයි නීතිය පාසල්වල උගන්වන් කටයුතු කරලා තියෙන්නේ.අපි හෙට අනිද්දා ශාරීරික දඩුවම් හෙවත් කෝප්‍රල් පනිශ්මන්ට් පාසල්වල තහනම් කිරීමට අවශ්‍ය නීති ගේනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අර ගෙන මේ වන විට  වැඩ කර ගෙන යනවා නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළු කරන්න.හය නවය වසර වලින් පටන් අර ගෙන උසස් පෙළට අනිවාර්යයෙන්ම කොටසක් එකතු කරනවා. මිනිස්සු රටේ නීතිය දන්නේ නැහැ."

"නීතිය දන්නේ නැති නිසා රටේ වැරදි කරනවා. අපි දරුවන්ගේ මානසික තත්වය පිළිබඳව සිතන්න ඕන.පහුගිය කාලයේ අපි දැක්කා සමහර වෙලාවට පාසල්වල ගුරුවරු දරුවෝ දේශපාලන ලෙස බෙදෙනවා.දේශපාලනය ඕන තැනක කරන්න පුළුවන්. හැබැයි පාසල්වලට නම් දේශපාලනය ගේන්න එපා. අපි හැම පාසලකටම උපරිම ආකාරයේ පහසුකම් ලබා දෙනවා.මේ ජාතික සහ පළාත් පාසල් කියන භේදය නැති කරන්න ඕන. අපි දන්නවා සමහර ගුරුවරුන් ඉන්නවා ඉස්කෝලේ උගන්වන්නේ නැහැ .හවස පන්තියට යන්න ඕන උගන්වන්න.මේවා අපි නැති කරන්න ඕන.1977 ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා නොමිලේ පොත් ටික දෙන්න පටන් ගත්තා.ඒත් සමග ලමයි පාසල් යන්න පටන් ගත්තා.දරුවෝ ඒ නිසාම හොදට ඉගෙන ගත්තා.මෙතන ඉන්න ගුරුවරු සියලු දෙනාම මේ රටට ණයයි.සියලු දෙනාම නිදහස් අධ්‍යාපනය තුළ වරම් ලබපු අයයි.නිදහස් අධ්‍යාපනය තුළ ඉගෙන ගත්ත අපේ වගකීම තමයි රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න ඕන..හිර ගෙවල් පිරෙනවා. ආණ්ඩුව අධ්‍යාපනයට මුලිකත්වය දෙන්නේ එහි වටිනාකම නිසා.දරුවන් ලෙස ඔබ හොදට වැඩ කරන්න ඉගෙන ගන්න.අපේ ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක්.අපේ රජය පලවෙනි තැන අධ්‍යාපනයට දෙනවා.” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 September 2019 16:38