September 16, 2019

"වීදී සටන් කරලා අපේක්ෂකයෝ තෝරන්න බැහැ"

වීදී සටන් කිරීමෙන් හෝ තැන් තැන්වල කතා කිරීමෙන් ජනාධිපති අපේක්ෂකයන් තෝරා ගැනීම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

අවශ්‍ය වේලාවට අවශ්‍ය අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති බව ඔහු කියා සිටියේය. 

දෙන්නේ නැති වෙයිද කියා සිතමින් සිටින අතරතුර කුතුහලය හා ආකර්ෂණය සහිතව නම් කිරීම වැදගත් බව මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

2014 දීත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව දැනගත්තේද ඔහු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට පෙර දිනයේ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
DLB Desktop