ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
පකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ විද්‍යා සහා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හූසේන් චෞද්රි මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා එම ක්‍රීඩකයින් සම්බන්ධ කර නොගන්නා බව පවසමින් මෙම බලපෑම එල්ලකර ඇති බවයි.
තමන් පෞද්ගලිකව හඳුනන ජාත්‍යන්තර විස්තර විචාරකයින් මේ පිළිබඳව තමන්ට දැනුම් දුන් බවත් , මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ෆවාඩ් හූසේන් චෞද්රි මහතා යොමුකළ ටුවිටර් පණිවිඩයේ සඳහන් ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බවයි.
ඔවුන්ගේ තීරණයට ගරු කරමින් පාකිස්තාන තරග සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විට සකස් කර ඇති බව ද ක්‍රීඩා ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් සංචිතයක් සිටින බවත්, පකිස්තානයේ දී පකිස්තානය පරාජයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
No truth to reports that India influenced Sri Lankan players not to play in Pakistan.Some decided not to play purely based on 2009 incident. Respecting their decision we picked players who were willing to travel. We have a full strength team & we hope to beat Pakistan in Pakistan
— Harin Fernando (@fernandoharin) September 10, 2019