September 16, 2019

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් රුපියල් දෙකකින් අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක් ද රුපියල් 2 කින් අඩුකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 කි.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වේ.

Rate this item
(0 votes)
DLB Desktop