September 16, 2019

ඇමති රුවන්ගෙන් ජනපතිට ලිපියක්

තම විෂය පථයට අයත්ව තිබූ ජාතික රූපවාහිනිය තමන්ව දැනුවත් කිරිමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනගාටුවට පත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර නොගත් බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන මහතා ජනපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහස තර්ජනයට ලක්වීමක් ලෙස අර්ථ දැක්වීම වැළැක්වීමට නොහැකි බවද පවසයි.

Rate this item
(0 votes)
DLB Desktop