September 16, 2019

පොහොට්ටුව ලකුණේ වෙනසක් නෑ - මහින්ද

කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

“කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුවේ ලකුණ වෙනස් කරන්න අපි කැමැති වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජනතාව ජයග‍්‍රහණය කරවන සලකුණක්. ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත්  මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

Rate this item
(0 votes)