September 16, 2019

"මට කිසිම ගැටළුවක් කිරිඇල්ල ඇමතිතුමා එක්ක නැහැ - මාධ්‍යට කොහොමද ගියේ කියලා දන්නේ නැහැ"

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහ තමන් අතර ගැටුමක් පිළිබඳව මාධ්‍යය වාර්තා කර තිබූ අතර පක්ෂයේ අභ්‍යන්තරයේ සිදු වූ සාකච්ජාවක් ගැන මාධ්‍යයට තොරතුරු කෙසේ ගියාද යන්න තමන් නොදන්නා බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. 

කෙසේවෙතත් තමන් සහ කිරිඇල්ල අමාත්‍යවරයා අතර එවැනි ගැටුමක් නොමැති බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඇතැම් කාරණා ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙනෙක් ප්‍රතිපත්තිය රැකගෙන කටයුතු කරන විට ගල් මුල් ප්‍රහාර එල්ල විය හැකි වුවත් එවැනි තත්ත්වයන් පිළිබඳ තමන් කලබල නොවන බව කබීර් හෂීම් මහතා කියාසිටියේය. 

ඒ අනුව කුමන මඩ ගැසීම් එල්ල වුවද පක්ෂයේ සභාපතිවරයා ලෙස  හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

Rate this item
(0 votes)