September 16, 2019

ඇමති සුජීවගෙන් එජාප මහලේකම්ට පිළිතුරු ලිපියක්

එක්සත් ජාතික පක්ෂයේ විනය නීති කඩකළ බවට සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට කරුණු දක්වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යොමුකළ ලිපියට සුජීව සේනසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

මෙම ක්‍රියාමාර්ගය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් සිදු කළ දෙයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම ලිපිය යොමු කළ පුද්ගලයන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු පවසයි.

එසේම තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද යන්න පිළිබඳව තමන්ට මුලින්ම දන්වන ලෙසත් ඔහු සඳහන් කරයි.

Rate this item
(0 votes)