September 16, 2019

සජිත් සහ දෙමළ නායකයන් අතර විශේෂ හමුවක්

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) යාපනයේදී පැවැත්වුණි.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව දෙමළ ජාතික සන්ධානය හා අමාත්‍යවරයා අතර මේ සාකච්ඡාව පැවති බව සාකච්ඡාව අවසානයේදී දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සදහන් කළේය.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කුමන හෝ පක්ෂයක අපේක්ෂකයා වුවහොත් ඔහුට සහය ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කළේද යන්න පිලිබදව විමසූවිට මන්ත්‍රීවරයා කියා සිටියේ සජිත් අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ජනාධිපති මැතිවරණය සදහා උදව් ඉල්ලීමක් නොකළ බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සම්බන්ධයෙන් මතු විය හැකි ගැටළු පිලිබදව දෙපාර්ශ්වය මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගත් බවද මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සදහන් කළේය.

යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවති මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් මාවෙයි සේනාධිරාජා,එම්.ඒ.සුමන්තිරන්,ඊ.සරවනබවන්,ටී.සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුද යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල් මහතාද සහභාගී වී සිටියහ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද මේ සාකච්ඡාවට සහභාගී වී සිටියේය.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
DLB Desktop