September 16, 2019

රනිල් - සජිත් තීරණාත්මක සාකච්ඡාව අද

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(10) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
 
අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා විය.

අදාළ සාකච්ඡාව පසුගිය ඉරුදින පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

Rate this item
(0 votes)
DLB Desktop