September 16, 2019

ජනාධිපති කිසිම තැනක සජිත්ට සහය පල කරනවා කියලා නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිඳු අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරන බවට ප්‍රකාශකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද වෙනත් අයෙක ද යන කාරණය සම්බන්ධයෙන් කටයුත්ත දෙවැනි කාරණය බවත් පළමුව සිදු කළ යුතුව ඇත්තේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම බවද ඒ මහතා පවසයි.

අපේක්ෂකයින් තෝරා ගැනීමේ තම පක්ෂයට කිසිදු අර්බුදයක් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, අවශ්‍ය වෙලාවට අවශ්‍ය අපේක්ෂකයා ලබා දීමේ හැකියාව ඇතැයි ද කියා සිටියේය.

දයාසිරි ජයසේකර යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා බවත් පැවසු ඒ මහතා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට කථා නොකර හිතේ තියෙන දේවල් ගැන ඔහු හෝ, තමා හෝ වෙනත් අයෙක් කථා කල යුතු නොවන බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කථා කළ යුත්තේ පක්ෂය වෙනුවෙන් බවත් පැවසු මන්ත්‍රීවරයා, පොදුජන පෙරමුණ දැනටමත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කර ඇති බවත්, එය ඔවුන්ගේ තිරණය බවත් කියා සිටියේය.

එය ගැන ප්‍රශ්න කර නොමැති බවත්, එක් බලවේගයක් ලෙස එන්නේ නම් ඕනෑම නායකයෙක් ගෞරවයෙන් පිළිගන්නා බවත් පැවසීය.

එය අපේ සාදාචාරය හා වගකීම වන බවත් පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අවස්ථාවක සහය දෙන බවත් ජනාධිපතිවරයා පවසා නැතැයි ද කියා සිටියේය.

මේ ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාගේ දේශපාලනමය වශයෙන් දැවැන්තම  ක්‍රියාවලියකට අවතීර්ණ වන බවත් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් පෙරට එනවා කියලා විශ්වාසයක් යනුවෙන් ද පැවසීය.

Rate this item
(0 votes)
DLB Desktop