October 17, 2019

පුළුල් සන්ධානයක් ගැන ජනතාව බලාපොරොත්තු තියා ගත්තට ප්‍රශ්නයක් නෑ - දුමින්ද Featured

සන්ධානයක් ගොඩනැඟිය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයී. 

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ පෙරවරුවේ පැමිණියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, පාර්ලිමේන්තුවට යා යුතු බැවින් නඩුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගෙන් අද දිනයේ සාක්ෂි කැඳවීමටත් තමාට ලබන 10 වන දින සාක්ෂි සඳහා කැඳවීමටත් තීන්දු කළ බවයි.

සන්ධානයක් හැදිය යුතුයි යන තැන සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා ඉතිහාසයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග වැදී ඇත්තේ සන්ධානවලින් බව පැවසීය.

එනිසා ඉදිරියේ දී පුළුල් සන්ධානයක් ගැන ජනතාව බලාපොරොත්තු දල්වා ගෙන සිටීම කිසිදු ප්‍රශ්නයක් නොවන බව මෙහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)