September 20, 2019

එස්.බී, ඩිලාන්, විජිත්, ලක්ෂ්මන් සහ ෆවුසිට එරෙහිව විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා සහ ඒ. එච්.එම් ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම තීරණය පක්ෂය විසින් ගෙන තිබේ.

ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ ලිපි යොමු කර ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරත් පැවසීය.

විනය පියවර නොගැනීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විවිධ ලිපි දිනපතා ලැබෙමින් පවතින බවද සඳහන් කර සිටි දයාසිරි ජයසේකර මහතා, මොවුන් පමණක් නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ද රැගෙන ගිය බවට චෝදනා කර සිටියේය.

Rate this item
(0 votes)