June 02, 2020

සබිතාගේ බිල්ඩිම ගැන කියන්න දුමින්ද අදත් කොමිසම හමුවට

හිටපු කෘෂි කර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා 2015 - 2018 කාල සීමාව තුල රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අද (29) පෙනී සිටීමට නියමිතය.

රජයේ තක්සේරුකරු විසින් අනුමත කරන ලද තක්සේරු මුදල ඉක්මවා කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මාසිකව රුපියල් ලක්ෂ 216ක මාසික කුලියකට ප්‍රසිද්ධ නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා දිසානායක මහතා මෙසේ කැඳවා තිබේ.

මීට පෙරද හිටපු අමාත්‍යවරයා මෙම කොමිසම හමුවට සාක්ෂි කැඳවා තිබිණි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 August 2019 10:27