September 20, 2019

"අපි පත්කරන දේවල් වෙනස් කරන්නේ නැහැ" - මහින්ද Featured

නායකත්වයක් නොමැති වීමෙන් එක්සත් ජාතික පක්ෂය අර්බුධයට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුර රුවන්වැලිසෑ විහාරාධිපති හිමියන් බැහැදැකීම සඳහා ඊයේ (24) පස්වරුවේ විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේබව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් පලිගැනීමේ වැඩපිළිවෙල දියත් කර ඇති බවට පැහැදිලිව දක්නට ලැබෙන බවත් එම වැඩපිළිවලට ජනතාව විසින් පිළිතුරු දෙනු ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

එමෙන්ම යද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ඇසු ප්‍රශ්නයකට පිළිතුර දෙමින් පවසා සිටියේ එය නිවැරදි තීරනයක් බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණ ආසන්න වන විට මාරුකරන්නේද යන්න මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ පත්කරන දේවල් යළි වෙනස් නොකරන බවයි.

Rate this item
(0 votes)